කාලගුණය

උණුසුම හෙට දැඩිවේ – ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම්

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල පවතින දැඩි උනුසුම් කාලගුණයත් සමග හෙට (30) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමකට ළඟා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ එම දෙපාර්තමේන්තුවට අයත් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසිනි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත් මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මෙම තත්ත්වය පවතින හැකියාවක් පවතින බව සඳහන් වේ.

මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් දිගු වේලාවක් සෘජුව සූර්ය රශ්මියට නිරාවරණය වීම හෝ දැඩි ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම තෙහෙට්ටුවට හේතු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එමෙන්ම, දිගු කාලයක් උණුසුම් පරිසරයක රැඳී සිටීමෙන් විජලනය (dehydration) සහ ලවණ අහිමිවීම හේතුවෙන් මස්පිඩු පෙරලීම (heat cramps) වැනි ආබාධ ඇතිවීමේ අවදානමක් ද පවතින බව ජනතාවට අවධාරණය කර ඇත.

ඒ අනුව, ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් පානය කිරීම, අවශ්‍ය නොවන්නේ නම් දිවා කාලයේ පිටත කටයුතු අවම කිරීම සහ සුදුසු ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ද දැනුම් දී තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button