
ජාතික විදුලිබල ප්රතිපත්තියට තවමත් කැබිනට් අනුමැතිය නැහැ – විදුලිබල මණ්ඩලය ඈවර කිරීම ප්රමාද වෙයි
ජාතික විදුලිබල ප්රතිපත්තිය මෙවරත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ. ඊයේ (23) පැවති කැබිනට් රැස්වීමට අදාළ ප්රතිපත්තිය සම්බන්ධ කැබිනට් පත්රිකාව ඉදිරිපත් වී නොමැති බවද සඳහන් වේ.
ඒ හේතුවෙන් ජාතික විදුලිබල ප්රතිපත්තියට කැබිනට් අනුමැතිය ලබා ගැනීම තවදුරටත් ප්රමාද වී ඇති අතර, ඒ සමඟ ලංකා විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ කටයුතුද කල්යන ලකුණු පෙන්වයි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීම අදියර 5ක් යටතේ ක්රියාත්මක කර ඇති අතර, එයින් අදියර 4ක් මේ වනවිට අවසන් කර තිබේ. ජාතික විදුලිබල ප්රතිපත්තිය සකස් කිරීමේ කටයුතුද සම්පූර්ණ කර ඇති බව වාර්තා වන අතර, එයට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව මණ්ඩලය අහෝසි වන නිල දිනය ප්රකාශයට පත් කිරීමට නියමිතය.
මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී තිබුණේ, එම ක්රියාවලියට අදාළ ගැසට් නිවේදනය පෙබරවාරි 28 වන දින නිකුත් කරන බවයි.
කෙසේවෙතත්, ප්රතිපත්තියට අනුමැතිය ප්රමාද වීම හේතුවෙන් එම කාලසටහන වෙනස් විය හැකි බව වාර්තා වේ.



