ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් ගෝඨාභය අධිකරණයේ සහන පතයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් ඉදිරිපත් කර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන මහතා නම් කර ඇති බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලට අදාළව තමන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ පියවරක් නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button