
ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් දිස්ත්‍රික්ක රැසකට – හෙට අලුයම දක්වා අවධානයෙන් සිටින්න
ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි නිකුත් කර තිබේ.
ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය අද (03) පස්වරු 1.00 සිට හෙට (04) අලුයම 1.00 දක්වා පැය 12ක කාලයක් බලාත්මක වේ.
අදාළ කාලසීමාව තුළ දිවයිනේ සඳහන් ප්‍රදේශවල ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සහිත ගිගුරුම් වැසි ඇතිවීමේ හැකියාව පවතින බව එම මධ්‍යස්ථානය අනතුරු අඟවා ඇත.
බලපෑම් ඇතිවිය හැකි ප්‍රදේශ
අනුරාධපුර දිස්ත්‍රික්කය: අනුරාධපුර නව නගරය, ඉපලෝගම, කහටගස්දිගිලිය, කැකිරාව, කැබිතිගොල්ලෑව, ගලෙන්බිඳුනුවැව, තිරප්පනේ, පදවිය, පලාගල, පලුගස්වැව, මැදවච්චිය, මිහින්තලේ, රඹෑව සහ හොරොව්පතාන.
අම්පාර දිස්ත්‍රික්කය: අඩ්ඩාලච්චේනයි, උහන, දමන, තිරුකෝවිල්, දෙහිඅත්තකණ්ඩිය 1, දෙහිඅත්තකණ්ඩිය 2, නමලෝය, නින්ටාවුර්, පදියතලාව, පොතුවිල්, මහඔය, ලාහුගල සහ සම්මන්තුරෛ.
කෑගල්ල දිස්ත්‍රික්කය: අරණායක සහ මාවනැල්ල.
කිලිනොච්චි දිස්ත්‍රික්කය: කන්ඩාවලයි සහ කරච්චි.
කුරුණෑගල දිස්ත්‍රික්කය: ඉබ්බාගමුව, ගනේවත්ත, පොල්පිතිගම, මල්ලවපිටිය, මාවතගම, රිදීගම සහ වාරියපොළ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය: සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.
නුවරඑළිය දිස්ත්‍රික්කය: කොත්මලේ, වලපනේ සහ හඟුරන්කෙත.
පොළොන්නරුව දිස්ත්‍රික්කය: සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.
බදුල්ල දිස්ත්‍රික්කය: සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.
මඩකලපුව දිස්ත්‍රික්කය: එරාවුර් පට්ටු, කෝරලපත්තුව, කෝරලපත්තුව උතුර, පොරතිව් පට්ටු, මන්මුනයි උතුර, මන්මුනයි දකුණු බටහිර සහ මන්මුනයි බටහිර.
මහනුවර දිස්ත්‍රික්කය: සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.
මාතලේ දිස්ත්‍රික්කය: සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.
මුලතිව් දිස්ත්‍රික්කය: ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩියිරුප්පු සහ මුලතිව්.
මොනරාගල දිස්ත්‍රික්කය: කතරගම, බඩල්කුඹුර, බිබිලේ, බුත්තල, මඩුල්ල, මැදගම, වැල්ලවාය සහ සියඹලාණ්ඩුව.
යාපනය දිස්ත්‍රික්කය: වඩමරච්චි නැගෙනහිර.
වවුනියාව දිස්ත්‍රික්කය: නෙඩුන්කේනි, වවුනියාව දකුණ (දෙමළ) සහ වවුනියාව දකුණ (සිංහල).
ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව මෙම අනතුරු ඇඟවීමේ කාලසීමාව තුළ කාලගුණික තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් වේ.



