
සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශ 74ක ඩෙංගු මර්දන සතියක් නොවැම්බර් 09 සිට
ඩෙංගු මර්දන සතියක් දිවයිනේ අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74ක් ආවරණය වන පරිදි නොවැම්බර් 09 වනදා සිට 14 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
ඩෙංගු මර්දන සතියක් නොවැම්බර් 09 සිට 14 දක්වා
පවතින කාලගුණික වෙනස්වීම්, ඩෙංගු මදුරු කීට විද්‍යා දර්ශක සහ පසුගිය කාලසීමාවේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ ප්රවණතා සැලකිල්ලට ගනිමින් මෙම විශේෂ ජාතික වැඩසටහන සංවිධානය කර ඇත.
මෙම ඩෙංගු මර්දන සතිය මීට පෙර නොවැම්බර් 02 සිට 07 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණි. එහෙත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වැඩසටහනේ දින සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ විවිධ ස්වේච්ඡා සංවිධාන එක්වීමට නියමිතය.
අදාළ ආයතනවල සහයෝගය ඇතිව අධි අවදානම් ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මර්දන කටයුතු මෙම කාලසීමාව තුළ සිදුකිරීමට නියමිතව තිබේ.



