
ප්‍රධාන පුවත්
ප්‍රදේශ කිහිපයක විදුලිය යථා තත්ත්වයට
විදුලිය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු කොළඹ, ගම්පහ, ගාල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම නැවත ලබාදී ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම සඳහන් කරයි.
විදුලි සැපයුම් පද්ධතියේ හදිසියේ ඇති වූ බිඳවැටීමෙන් පසුව මෙලෙස ප්‍රදේශ කිහිපයක විදුලිය යථා තත්ත්වයට පත්කිරීමට හැකි වී තිබේ.
අද (17) පෙරවරු 11.45ට පමණ සම්ප්‍රේෂණ ජාලයේ හටගත් දෝෂයක් මෙම හදිසි විදුලි බිඳවැටීමට හේතු වී ඇති බව වාර්තා වේ.
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙන අතර, ඉතිරි ප්‍රදේශවලට ද විදුලිය ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි යාවත්කාලීන කිරීම් අපේක්ෂා කෙරේ.



