ප්‍රධාන පුවත්

WORLD ODYSSEY මගී නෞකාව කොළඹ වරායට – සිසුන් සහ ආචාර්යවරුන් 524ක් දිවයිනට

WORLD ODYSSEY මගී නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.

බර්මාස් ධජය යටතේ යාත්‍රා කරන මෙම නෞකාව නොවැම්බර් 23 වැනිදා දක්වා කොළඹ වරායේ නැංගුරම්ලා තැබීමට නියමිතය.

WORLD ODYSSEY මගී නෞකාව නොවැම්බර් 23 දක්වා කොළඹ වරායේ – සිසුන්ගේ අධ්‍යාපන කටයුතුත් නෞකාව තුළ

මෙම නෞකාවෙන් සිසුන් සහ ආචාර්ය මණ්ඩල සාමාජිකයන් 524 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, ඊට අමතරව නෞකාවේ මෙහෙයුම් කටයුතු සඳහා කාර්ය මණ්ඩල සාමාජිකයන් 181 දෙනෙකු ද එක්ව සිටිති.

දිවයිනට පැමිණි සිසුන්ගෙන් වැඩි පිරිසක් මේ වනවිට මහනුවර සහ දකුණු පළාතේ ප්‍රධාන සංචාරක ගමනාන්ත වෙත ගොස් තිබේ. තවත් සිසුන් කණ්ඩායම් කිහිපයක් කොළඹ නගරයේ සංචාරය කරමින් සිටින බව සඳහන් වේ.

මෙම මගී නෞකාවේ විශේෂත්වයක් වන්නේ එය මුහුදේ යාත්‍රා කරන අතරතුරද සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමයි. ඒ අනුව නෞකාව තුළ ආචාර්යවරුන්ගේ දේශන සහ විවිධ අධ්‍යයන කටයුතු සිදුකෙරේ.

එමෙන්ම මෙරටට පැමිණ සිටින සිසුන් කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක් නැරඹීමට යාමටද අවශ්‍ය වැඩපිළිවෙළ සංවිධානය කර තිබේ.

මෙම පිරිස සංචාරක වීසා යටතේ මෙරටට පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය සහ ආර්ථික ප්‍රතිලාභ හිමිවන බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ඔවුන්ගේ සංචාරක කටයුතු හරහා හෝටල්, ප්‍රවාහන සේවා සහ අනෙකුත් සංචාරක ආශ්‍රිත ව්‍යාපාරවලට ආදායම් උපයා ගැනීමේ අවස්ථා උදාවන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button