ප්‍රධාන පුවත්

නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති වේලු යෝගරාජ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි – අප්‍රේල් 28 දක්වා රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජ්ගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් නිකුත් කර ඇත්තේ, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව, සැකකරු අප්‍රේල් 28 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

චෝදනා අනුව, නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි රජයට අයත් ඉඩමක් සඳහා සංවර්ධන සැලසුමක් අනුමත කිරීමේදී, එහි හිමිකරුට වාසිදායක වන ආකාරයෙන් කටයුතු කර දූෂණය සිදුකළ බවට සැක පවතී.

ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකළ විමර්ශන මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button