
උණුසුම් පුවත්
ගිනිඅවියෙන් හයිකාරකම් පෙන්නූ පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා අද (27) උදෑසන ඉලවාලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ලෙස ස්ථානයකට ඇතුළුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනා පදනම් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිටත් ක්රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.



