ප්‍රධාන පුවත්

නායයාම් රතු නිවේදන ඉවත් කෙරේ

පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් නායයාම් රතු නිවේදන යාවත්කාලීන කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නිවේදනය කර තිබේ.

ඒ අනුව මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාම් රතු නිවේදන ඉවත් කර ඇති අතර, නව පූර්ව අනතුරු ඇඟවීම අද (05) පෙරවරු 9.00 සිට හෙට (06) පෙරවරු 9.00 දක්වා බලපැවැත්වේ.

මේ වන විට මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 (ඇම්බර් – “අවදානයෙන් සිටින්න”) ක්‍රියාත්මක වන අතර, කෑගල්ල, හඟුරන්කෙත, නිවිතිගල සහ කුරුවිට ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 1 (කහ – “විමසිලිමත් වන්න”) නිකුත් කර ඇත.

අවදානම් ප්‍රදේශවල ජනතාව නායයාම් පූර්ව ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙසත්, බලධාරීන් විසින් නිකුත් කරන උපදෙස් පිළිපදින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button