අද විශේෂ

අද ලෝක හදවත් දිනයයි

ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ.

හෘද රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, හෘදයාබාධ වළක්වා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ජනතාව යොමු කිරීම මෙදින සැමරුමේ ප්‍රධාන අරමුණු වේ.

ලෝක හෘද සම්මේලනය විසින් සෑම වසරකම ලෝක හදවත් දිනය සමරනු ලබන්නේ හෘද රෝග හේතුවෙන් සිදුවන මරණ අවම කිරීම සඳහා අවශ්‍ය දැනුවත්භාවය සමාජය තුළ ඇති කිරීමේ අරමුණෙනි.

ලොව වැඩිම මරණ සංඛ්‍යාවකට හේතුවන රෝගී තත්ත්වයන් අතර හෘද රෝග ද ප්‍රධාන ස්ථානයක් ගනී.

මෙවර ලෝක හදවත් දිනයේ තේමාව “Don’t Miss a Beat” යන්නයි. හෘද රෝගවල පූර්ව ලක්ෂණ නොසලකා නොහැරීම සහ හදවතේ නිරෝගීභාවය වෙනුවෙන් කාලෝචිතව ක්‍රියා කිරීම එම තේමාවෙන් අවධාරණය කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button