
තද සුළං සහ රළු මුහුදට කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් රතු නිවේදනය නිකුත් කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව එම නිවේදනයේ සඳහන් වේ. ඒ හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි අතර මුහුද රළු විය හැකි බවද සඳහන් කරයි. එබැවින් එම ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව සැලකිලිමත්ව පසුවන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.



