උණුසුම් පුවත්

නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රිමාන්ඩ්

නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කාලය ඔක්තෝබර් 13 දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (29) උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ බන්ධනාගාරගතව සිටියදීය.

එයාර්බස් ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශනය සහ ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩු කටයුත්තකට අදාළව ඔහු අධිකරණයට රැගෙනවිත් තිබුණි.

මේ අතර, ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ නාමල් රාජපක්ෂ මහතා සිව්වන සැකකරු ලෙස නම් කර තිබේ.

එම නඩු කටයුත්තට අමතරව, එයාර්බස් ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ විමර්ශනයක් සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය කටයුතු සිදුවෙමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button