
කෝටි 2ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ යුවළක් අත්අඩංගුවට
කෝටි 2ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සහ ඇයගේ ස්වාමියා මාදම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ උතුර කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී මෙම සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකාර පුරුෂයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 6ක් සොයාගෙන ඇති අතර, සැකකාර කාන්තාව සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 149යි මිලිග්‍රෑම් 150ක් ද සොයාගෙන තිබේ.
විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ සැකකාර යුවළ දින තුනක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පොලීසිය අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් මෝදර “මයුර” නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීප ගෝලයන් වන අතර, දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරතව සිට ඇති බවයි.
ප්‍රශ්න කිරීම් අතරතුර සැකකාර කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ තමන් පෞද්ගලික ආයතනයක නීති උපාධිය හදාරන බවත්, ඒ සඳහා අවශ්‍ය වියදම් සපුරා ගැනීමේ අරමුණින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ බවත්ය.
ප්‍රශ්න කිරීම් අවසන් කිරීමෙන් පසු සැකකාර කාන්තාව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, සැකකාර පුරුෂයා වැඩිදුර විමර්ශනවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.



