උණුසුම් පුවත්

ගිනිඅවි 4,056ක් පොලිස් භාරයට – වසර දෙකක මෙහෙයුම්වල ප්‍රතිඵල හෙළිවෙයි

ගිනිඅවි 4,056ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය අනාවරණය කර තිබේ. ඒ පසුගිය වසර දෙකක කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී බව සඳහන් වේ.

ගිනිඅවි 4,056ක් පොලිස් භාරයට – ටී-56 රයිෆල් 97කුත් ඒ අතර

පොලිස් භාරයට ගත් අවි අතර ටී-56 වර්ගයේ රයිෆල් 97ක් සහ ඒකේ-47 වර්ගයේ එක් ගිනිඅවියක් ද ඇතුළත් වේ.

මීට අමතරව පිස්තෝල 143ක්, රිවෝල්වර 105ක් සහ බෝර 12 වර්ගයේ ෂොට්ගන් 397ක් ද පොලීසිය භාරයට ගත් අවි අතර වන බව වාර්තා වේ.

මෙලෙස පසුගිය වසර දෙකක කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති මුළු ගිනිඅවි සහ අනෙකුත් අවි සංඛ්‍යාව 4,056කි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button