ප්‍රධාන පුවත්

රටේ ඉන්ධන හිඟයක් නැහැ – අවශ්‍ය තරම් තෙල් සංචිත පවතින බව CPC කියයි

රට තුළ මේ වනවිට ඉන්ධන හිඟයක් නොමැති අතර, අවශ්‍ය තරම් ඉන්ධන සංචිත පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.

රටේ ඉන්ධන හිඟයක් නැහැ – ඉන්ධන සංචිත ප්‍රමාණවත් බව CPC කියයි

එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ ඇතැම් පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් ඉන්ධන නිකුත් කරන ප්‍රමාණය සීමා කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම් ඇතිවිය හැකි බවයි.

කෙසේ වෙතත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් හරහා අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම සිදුකරන බවද ඔහු පැවසීය.

පෞද්ගලික සමාගම් ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමාණය අඩු කිරීම නිසා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් නොමැති ආසන්න ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ගැටලු මතුවිය හැකි බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එවැනි ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ නොමැති ස්ථාන 52ක් හඳුනාගෙන ඇති අතර, ඒවාට ප්‍රමුඛත්වය ලබාදීමට අදාළ සමාගම් එකඟතාව පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ සියලුම සමාගම් කැඳවා ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පවත්වා ඇත.

ඉන්ධන හිඟයක් නොමැති බව තහවුරු කරමින් සභාපතිවරයා අද දෙරණ කළ විමසීමකදී මෙලෙස ප්‍රකාශ කළේය.

“රටේ තෙල් හිඟයක් නෑ. අපිට ඕන තරම් තෙල් සංචිත තියෙනවා. තෙල් නිකුත් කරනවා. හේතු වෙලා තියෙන්නේ පෞද්ගලික සමාගම් ඒගොල්ලෝ තෙල් ඒගොල්ලන්ට පාඩු හින්දා සමහර ප්‍රමාණයක් අඩු කරලා තියෙනවා තෙල් ඉෂු කරන එක. එතකොට ඒ තැන්වල සිපෙට් කෝ ෂෙඩ් එකක් හිට්ටුව නැත්නම් එතකොට ඒ තැන්වල පෝලිම් එනවා. ඒක තමයි ගැටලු වෙලා තියෙන්නේ. ඒ වගේ සිපෙට් ‍ශෙඩ් කෝ ළඟ පාත නැති ස්ථාන 52ක් අඳුනගෙන තියෙනවා. ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සියලුම සමාගම් ගෙන්නලා සාකච්ඡා කළේදී ඒ සමාගම් එකඟ වුණා ඒ තැන්වලට ප්‍රමුඛත්වය දෙනවා කියලා. ඇත්ත මේගොල්ලෝ ඒගොල්ලන්ට පාඩුයි කියලා තෙල් ඉෂු කරන එක අඩු වුණා. ඉෂු කරන ප්‍රමාණයෙන් ඒ තැන්වලට ප්‍රමුඛත්වය දෙනවා කියලා ඉවර වෙලා පොරොන්දු වෙලා තියෙනවා. නමුත් සමහර ප්‍රදේශවල ඔය තියෙන ඒගොල්ලෝ තෙල් නිකුත් කිරීමේ අඩුව හින්දා යම් යම් තැන්වල පොඩි පෝලිම් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිසිම වෙලාවක දිගටම මේ දක්වා බෙදාහැරීමේ අඩුවක් නැහැ. ඉල්ලුමේ අඩුවකුත් නැහැ. බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයි. මොකද අනෙක් සමාගම්වල අඩු වෙච්ච තෙල් ප්‍රමාණය සිපෙට්කෝවලින් වැඩිපුර බෙදනවා. ඒකේ බෙදාහැරීමේ කිසිම අර්බුදයක් නැහැ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button