
අවුරුදු සමයේ රුධිරයේ සීනී පාලනය ගැන වෛද්‍යවරුන්ගෙන් වැදගත් අනතුරු ඇඟවීමක්
අවුරුදු සමය යනු සතුට, එකමුතුව සහ රසවත් ආහාරවලින් පිරිපුන් කාලයක් වුවද, සෞඛ්‍යය පිළිබඳ අවධානය අඩු වීමක් ඇතිවිය හැකි කාලයකි. විශේෂයෙන්ම රුධිරයේ සීනී මට්ටම පාලනය කිරීමේ වැදගත්කම මෙම සමයේදී තවත් ඉහළ යයි. සීමාවක් නොමැතිව රසකැවිලි පරිභෝජනය කිරීම හා දෛනික රටාවෙන් බැහැර වීම, දිගුකාලීන සෞඛ්‍ය ගැටළු ඇතිකරන හැකියාවක් ඇත. එබැවින් උත්සවයේ සතුට භුක්ති විඳින අතරතුරද, මිතිය සහ සෞඛ්‍යය අතර සමානුපාතිකතාවය රැක ගැනීම සෑම පුද්ගලයෙකුගේම වගකීමක් වේ.
අවුරුදු උත්සව සමයේදී රුධිරයේ සීනී මට්ටම නිසි ලෙස පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය බවට වෛද්‍යවරුන් ජනතාවට අවධාරණය කරයි. විශේෂයෙන්ම ආහාර රටාව වෙනස් වීම සහ රසවත් කැවිලි පරිභෝජනය වැඩි වීම හේතුවෙන් සීනී මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බව සඳහන් වේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා මෙම කරුණ පැහැදිලි කළේය. ඔහු සඳහන් කළේ, උත්සව සමයේදී සීනී රෝගයෙන් පෙළෙන පුද්ගලයින් විශේෂයෙන්ම තම ආහාර හා ජීවන රටාව පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි.
එමෙන්ම, සීනී මට්ටම නිරන්තරයෙන් පරීක්ෂා කරමින්, වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ භාවිතා කිරීමත්, සීමිත ලෙස රසකැවිලි පරිභෝජනය කිරීමත් වැදගත් බවද ඔහු අවධාරණය කළේය.
“අපි දන්නවා සාම්ප්‍රදායික ලෙස කිරිබත්, කැවුම්, කොකිස්, අලුවා නැතිව අවුරුද්දක් නැහැ. නමුත් යම් සීමාවක් ඇතිව එක කැවිලි ජාතියක් පමණක් ගන්න එක වේලකට. කැවුම් වෙනුවට අලුවා කෑල්ලක්. කිරිබත් කෑල්ලක් ගන්න. කිරි තේ එකක් බොන්නේ නැතිව සීනි නැතිව ප්ලෙන්ටී එකක් බොන්න. නෑගම් ගියත්, දැන් කාලා ආවේ කියලා කෝකිස් එකක් අලුවා කෑල්ලක් තෝරගෙන මම කැමැති මේවාට කියලා මේ වගේ සුළු වෙනස්කම් කිරීමෙන් ඔබට පුළුවන් රුධිරයේ සීනි මට්ටම යම් ප්‍රමාණයකට සමනය කරගන්න.”



