
2018–2022 කාලයේ ව්‍යාපාර ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් වසාදමා ඇත – අනිල් ජයන්ත
ආර්ථික අර්බුදය හා අනෙකුත් හේතු මත MSME ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් අවසන් වී ඇති බව අනාවරණය වෙයි.
2018 සිට 2022 දක්වා කාලය තුළ විවිධ හේතු හේතුවෙන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ (MSME) ව්‍යාපාර ඇතුළත් ආයතන ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් වසා දමා ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්ය.
ඔහු සඳහන් කළේ, ආර්ථික අර්බුදය හේතුවෙන් පමණක්ම ආයතන එක් ලක්ෂ අට දහසක් පමණ වසා දමා ඇති අතර, අනෙකුත් හේතු මත තවත් ආයතන එක් ලක්ෂ පනස්පන්දහසක් වසා ගොස් ඇති බවයි.
එමෙන්ම, ආයතන පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුව සකස් කිරීම වසර 10කට එක් වරක් සිදු කරන අතර, අවසන් සංගණනය 2013 වසරේදී සිදු කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018–2022 කාලය තුළ සිදු කළ සමීක්ෂණයකට අනුව, සමස්ත ආයතන සංඛ්‍යාව මිලියන 1.3ක් පමණ වන අතර, එයින් දැනට ක්‍රියාත්මකව පවතින්නේ දස ලක්ෂ තිස්හත් දහසක් පමණක් බවද හෙළිවී ඇත.



