
නවක වදය පිළිබඳ විමර්ශන ගැන සිසුන්ට විශ්වාසයක් ඇති කළ යුතුයි
නවක වදය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් සිදුකරන විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ගොඩනැඟිය යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
එහිදී උසස් අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වද සිදුවීම් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද දීර්ඝ ලෙස අවධානය යොමු වී තිබේ.
විශ්වවිද්‍යාල තුළ නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් එම ආයතන වෙත සදාචාරාත්මක වගකීමක් පැවරී ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
නවක වදයට මුහුණදෙන සිසුන්ට විශ්වවිද්‍යාල මඟින් ක්‍රියාත්මක කරන විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවද ඇය අවධාරණය කළාය.
ඒ අනුව, එවැනි සිදුවීම් පිළිබඳ විමර්ශන කාර්යක්ෂම හා ඵලදායී ආකාරයෙන් සිදු කළ යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබාදීමට හැකි වන පරිදි අදාළ ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මේ අතර, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම පිළිබඳවද ඇය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් කරුණු විමසා තිබේ.
අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය නිලධාරීන්ට එහිදී උපදෙස් ලබා දුන්නාය.



