
උණුසුම් පුවත්
ඉරානය–අමෙරිකාව සටන්විරාමයක් : අද සිට 45 දින ගිවිසුමක්?
ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද තත්ත්වය අවසන් කිරීම සඳහා සටන්විරාම යෝජනාවක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
එම වාර්තාව අනුව, අද (06) දිනයේ සිටම සටන්විරාමය ක්‍රියාත්මක විය හැකි බවටද ඉඟි පළවී ඇත.
“ඉස්ලාමාබාද් සම්මුතිය” ලෙස හඳුන්වන මෙම යෝජනාවලිය පාකිස්තානයේ මැදිහත්වීමෙන් සකස් කර දෙරටට ඉදිරිපත් කර ඇති බවද සඳහන් වේ.
මෙම යෝජනාව යටතේ, කඩිනමින් සටන් නවතා සටන්විරාමයක් ඇති කර ගැනීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම දෙපාර්ශ්වයේ ප්‍රධාන අරමුණක් වනු ඇති බවත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
ඉරානය සහ අමෙරිකාව අතර දින 45ක සටන්විරාමයකට එළැඹීමට සූදානම් වන බව පිළිබඳව පළමුව වාර්තා කර තිබුණේ අමෙරිකාවේ ඇක්සියෝස් (Axios) පුවත් වෙබ් අඩවිය විසිනි.



