ප්‍රධාන පුවත්

රේණුක පෙරේරා අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට

රේණුක පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් බස් රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ සිද්ධියකට අදාළව බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

අල්ලස් කොමිසමට අනුව, 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන සහ 2014 සැප්තැම්බර් 19 වැනිදා නිකුත් කළ අමාත්‍ය මණ්ඩල තීරණයේ නිර්දේශවලට පටහැනිව කටයුතු කළ බවට හිටපු සභාපතිවරයාට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව නිකුත් කර ඇති බවට චෝදනා කර තිබේ.

එමෙන්ම, අදාළ මාර්ග බලපත්‍ර සඳහා අය කළ යුතු වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව එම අවසරපත් නිකුත් කර ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button