ප්‍රධාන පුවත්

නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව මැයි 29ට කල්දැමයි

ඉන්දියානු ක්‍රිෂ් සමාගම සමඟ සිදු වූ ගනුදෙනුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව, මැයි මස 29 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ සලකා බැලූ අතර, එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව, නඩුව ඉදිරියට විභාග කිරීම සඳහා මැයි 29 වනදා යළි කැඳවීමට විනිසුරුවරිය තීරණය කර ඇත.

මෙම නඩුව ගොනු කර ඇත්තේ, මෙරට රග්බි ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන එය සාපරාධි විශ්වාසය කඩ කිරීමක් ලෙස භාවිත කළ බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ චෝදනා මතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button