
ශ්‍රී ලංකාවේ ආයු කාලය ඉහළට: ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනෙන් වසර 15ක ප්‍රගතිය
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ සාර්ථක ක්‍රියාත්මක වීම හේතුවෙන් පසුගිය වසර 15ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සඳහන් කළේ, දරුවන්ට නියමිත ලෙස එන්නත් ලබාදීම හේතුවෙන් බොහෝ ආසාදන රෝග සාර්ථකව පාලනය කිරීමට හැකිවී ඇති බවයි.
හෙට (24) ආරම්භ වන ලෝක ප්‍රතිශක්තිකරණ සතියට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“ලෝක ප්‍රතිශක්තිකරණ සතිය අපි සමරණවා 24 සිට 30 දක්වා. ලංකාව ඉතාම ඉහළ තලයක තියෙනවා ප්‍රතිශක්තිකරණය අතින්. 1978 ඉඳලා ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එන්නත් මඟින් දරුවන් ආරක්ෂා වෙලා තියෙනවා. පෝලියෝ, Neonatal tetanus සහ රුබෙල්ලා වගේ රෝග ලංකාවෙන් තුරන් කිරීමට සමත්වුණා. එන්නත් නිසා අනෙකුත් රෝග අපිට වළක්වා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේ නිසා පසුගිය වසර 15 තුළ ආයු කාලය වැඩි වෙන්න සහ දරුවන්ගේ මරණ අනුපාතය අඩුවීමට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන වැදගත් වෙලා තියෙනවා.”
තවද, මෙම වැඩසටහන මඟින් දරුවන්ගේ මරණ අනුපාතය සැලකිය යුතු ලෙස අඩු කරමින්, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීමට ද විශාල දායකත්වයක් ලබාදී ඇති බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.



