උණුසුම් පුවත්

දැවිතෙල් සහ නැප්තා මිල අඩු කරයි

දැවිතෙල් සහ නැප්තා ඉන්ධනවල මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, නව මිල ගණන් අද (04) මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා අඩු කර තිබේ. ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 35කින් පහළ යනු ඇත.

මේ අතර, දැවිතෙල් ලීටරයක මිල රුපියල් 248 සිට රුපියල් 210 දක්වා අඩු කිරීමටද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත.

ඒ අනුව දැවිතෙල් ලීටරයක මිල රුපියල් 38කින් අඩු වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button