
ප්රධාන පුවත්
මෝටර් රථ ලියාපදිංචියේදී ඇතිවන ගැටලු කියන්න WhatsApp අංකයක්
මෝටර් රථ ලියාපදිංචියේදී මහජනතාවට මතුවන ගැටලු හා අපහසුතා පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු ලිඛිතව 074 245 3300 යන WhatsApp අංකයට යොමු කළ හැකිය.
මහජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳ තොරතුරු මෙම WhatsApp සේවාව හරහා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



