
සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම
සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම නියම කර ඇති බවට වාර්තා වීමත් සමඟ එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමීප අවධානයකින් පසුවෙයි.
ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞදි අරාබියේ සේවය කරමින් සිටි අම්පාර ප්‍රදේශයේ පදිංචි සිවරාජා අනෝජන් නමැති ශ්‍රී ලාංකික තරුණයා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අදාළ නඩු කටයුත්තේදී ඔහුට මුලින් වසර 5ක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබූ බව සඳහන් වේ.
කෙසේවෙතත්, රජයේ මැදිහත්වීමෙන් සිදුකළ අභියාචනයකදී එම දඬුවම මරණ දඬුවමක් දක්වා දැඩි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා ප්‍රකාශ කර තිබේ.
මේ අතර, මරණ දඬුවම නියම වූ සිවරාජා අනෝජන්ගේ මව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තම පුත්‍රයාට සමාව ලබාදී ඔහුව යළි මෙරටට ගෙන්වා දෙන ලෙසය.
ඇය මෙලෙස සඳහන් කළාය.
”මගේ පුතා වැරැද්දක් තමයි කළේ. ඒකට සමාව දීලා මගේ පුතා මට ගෙනත් දෙන්න. ගොඩක් දුක් විඳලයි මම පුතාව ලොකු මහත් කළේ. ජනාධිපතිතුමනි මට මගේ පුතා ගෙනත් දෙන්න.”
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ සිද්ධියට අදාළ අධිකරණ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
ඉදිරි කටයුතු රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් සිදුකරන බවද අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම, සිවරාජා අනෝජන්ට අවශ්‍ය සියලු සහාය ලබාදීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



