
ප්‍රධාන පුවත්
බැසිල් රාජපක්ෂට INTERPOL නිල් නිවේදනයක්
බැසිල් රාජපක්ෂට නිල් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ජාත්‍යන්තර පොලිසිය හෙවත් INTERPOL වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පවතින නීතිමය කටයුතු අතරතුර මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් අරමුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව ඇතුළු චෝදනා තුනක් සම්බන්ධයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන් වේ.
INTERPOL නිල් නිවේදනයක් මඟින් අපරාධ විමර්ශනයකට අදාළ පුද්ගලයෙකුගේ අනන්‍යතාව, ස්ථානය හෝ ක්‍රියාකාරකම් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට ජාත්‍යන්තර පොලිස් සහයෝගීතාව ලබාගත හැකිය.



