උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක 6කට නායයෑම් අනතුරු ඇඟවීම්

නායයෑම් අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 6ක් සඳහා නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව නුවරඑළිය, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද විමසිලිමත්ව සිටින ලෙස අනතුරු අඟවා ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද මෙම අනතුරු ඇඟවීමට ඇතුළත් වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවටද අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ.

එම සංවිධානය සඳහන් කර ඇත්තේ අදාළ නායයෑම් අනතුරු ඇඟවීම් අද (20) පස්වරු 7.00 සිට හෙට (21) පස්වරු 7.00 දක්වා පැය 24ක කාලයක් ක්‍රියාත්මක වන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button