ප්‍රධාන පුවත්

දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපති නියෝග කරයි

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඒ සඳහා නියමයක් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම නියමය නිකුත් කර ඇති අතර, එය අද (27) සිට ක්‍රියාත්මක වේ.

මහජන සාමයට ත්‍රිවිධ හමුදාව කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් මෙලෙස කැඳවා තිබේ.

දිස්ත්‍රික්ක 25කට ත්‍රිවිධ හමුදාව කැඳවයි

මෙම නියමයට කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන පරිපාලන දිස්ත්‍රික්ක ඇතුළත් වේ.

මුහුදු තීරයටත් ත්‍රිවිධ හමුදාව කැඳවයි

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා ඒවාට යාබද දේශීය ජල තීරයද මෙම නියමයට ඇතුළත් කර තිබේ.

අගෝස්තු 27 සිට ත්‍රිවිධ හමුදාව කැඳවයි

ජනාධිපතිවරයා විසින් අදාළ නියමය 2026 අගෝස්තු 25 වැනිදා නිකුත් කර ඇති අතර, එය 2026 අගෝස්තු 27 වැනිදා සිට බලාත්මක වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button