උණුසුම් පුවත්

දැදුරු ඔය පිටාර ගැලීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට තාවකාලික බාධා මතුව තිබේ.

කුරුණෑගල සහ මහව අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා එම කොටසේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව කොළඹ සිට උතුරු මාර්ගයේ ධාවනය වන දුම්රිය කුරුණෑගල දුම්රිය ස්ථානය දක්වා පමණක් ගමන් කරන අතර, යාපනය දෙසින් කොළඹ බලා පැමිණෙන දුම්රිය මහව දක්වා පමණක් ධාවනය කෙරේ.

මේ අතර, ඊයේ (02) පැවති වර්ෂාපතනයත් සමඟ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ තවත් ජලාශ කිහිපයක ද ජල මට්ටම් ඉහළ යමින් පවතින බවයි.

එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා මේ බව සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button