
ප්‍රධාන පුවත්
හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට
රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මේ වනවිට ඔහු CID භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සඳහා යොදාගෙන ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බැලීම සඳහා පවුලේ සාමාජිකයින් විසින් ඉල්ලා සිටින ලද අවසරයට තවමත් අනුමැතිය ලැබී නොමැති බවද සඳහන් වේ.
ඊයේ (24) දිනයේදී ඔහු රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රථමයෙන් පරීක්ෂා කර ඇති අතර, එම තොරතුරු මහෙස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී ඇත. පසුව වෛද්‍ය උපදෙස් මත සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලට මාරු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.



