ප්‍රධාන පුවත්

දැදුරුඔයේ වාන් දොරටු 8ම විවෘතයි – ජලාශ කිහිපයකින්ම ජලය මුදාහැරේ

දැදුරුඔයේ වාන් දොරටු 8ම විවෘතයි – පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මෙරට ප්‍රධාන ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර ජලය මුදාහැරීමට පියවර ගෙන තිබේ.

දැදුරුඔයේ වාන් දොරටු අටම විවෘතයි – තබ්බෝව, වික්ටෝරියා සහ ලුණුගම්වෙහෙර ජලාශවලත් වාන් දොරටු විවෘත කරයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (25) රාත්‍රිය වන විට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටම අඩි දෙක බැගින් විවෘත කර තිබූ බවයි.

ඒ අනුව එම ජලාශයෙන් තත්පරයකට ඝන අඩි 11,200ක ජල ප්‍රමාණයක් දැදුරුඔයට මුදාහරිමින් පවතී.

මෙම තත්ත්වය හේතුවෙන් ජලාශයට පහළින් දැදුරුඔය ආශ්‍රිතව පදිංචි ජනතාව විශේෂ අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මේ අතර වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අටම ඊයේ රාත්‍රියේ හදිසියේ විවෘත කර තිබේ. එම දොරටු අඟල් හය බැගින් විවෘත කර ඇති අතර, තත්පරයකට ඝන මීටර් 560ක ජල ප්‍රමාණයක් රන්දෙණිගල ජලාශයට මුදාහරින බව වික්ටෝරියා ජලාශයේ නඩත්තු කටයුතු භාර ඉංජිනේරු උදිත් ඒකනායක මහතා සඳහන් කළේය.

මෙම වසර තුළ වික්ටෝරියා ජලාශය වාන් දැමූ නවවැනි අවස්ථාව මෙය වන අතර, එහි වාන් දොරටු සියල්ලම විවෘත වූ තෙවැනි අවස්ථාව ද මෙය වේ.

එමෙන්ම තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් සහ ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු දෙකක් ද විවෘත කර ඇති බව වාර්තා වේ.

තවද අත්තනගලුඔයේ ජල මට්ටම ද දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button