ප්‍රධාන පුවත්

අද දින තද වැසි ගැන කාලගුණ අනතුරු ඇඟවීමක් – මි.මී. 100 ඉක්මවයි

අද දින තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ප්‍රදේශ කිහිපයක ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අද දින තද වැසි සමඟ පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ වර්ෂාපතනයක්

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද විටින් විට වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවද දැනුම් දී තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button