
ඩොලර් මිලියන 80ක් විදේශගත කළ බැංකු නිලධාරීන්ට ඇප
ඩොලර් මිලියන 80ක් විදේශගත කළ බැංකු නිලධාරීන් ලෙස චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පෞද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැර කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට එම නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබුණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ඇප නියෝගය ලබාදී ඇති අතර, එක් සැකකරුවෙකු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇත.
ඇපකරුවන් සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ.
එමෙන්ම, අදාළ බැංකු නිලධාරීන් සේවය කළ බැංකු ශාඛාවට සහ එහි ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර ඇත.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ව්‍යාපාරික මොහොමඩ් ජිෆ්රිගේ ඇප ඉල්ලීමද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සිද්ධියේ ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයා සහ තවත් සැකකරුවෙකු එළැඹෙන 1 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



