උණුසුම් පුවත්

අකිල විරාජ් කාරියවසම්ට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයා ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබාදී ඇත.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එමෙන්ම සැකකරුවන්ට විදේශගත වීම වළක්වමින් විදේශ ගමන් තහනමක් පැනවීමටද අධිකරණය නියෝග කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button