ප්‍රධාන පුවත්

කෙහෙළිය රඹුක්වැල්ල යළි අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

රූපවාහිනි සංස්ථාවට අනුබද්ධ කාර්ය මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා පුද්ගලයන් 6 දෙනෙකු බඳවා ගැනීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරන බව සඳහන් වේ.

ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button