සෞඛ්‍යය

ඩෙංගු රෝගීන් 46,000 ඉක්මවයි

මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ, ජනවාරි මාසයේ සිට අද දක්වා ඩෙංගු ආසාදිතයින් 46,037 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, දෛනිකව ඩෙංගු රෝගීන් 600ත් 650ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවය.

ජූනි මස 1 වැනිදා සිට මේ දක්වා පමණක් ඩෙංගු රෝගීන් 12,196 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය එක් මාසයක් තුළ වාර්තා වූ ඉහළම ඩෙංගු ආසාදිත සංඛ්‍යාව ලෙස සැලකේ.

පළාත් මට්ටමින් සලකා බැලීමේදී, සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 51.75ක ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

එමෙන්ම, දකුණු පළාතෙන් සියයට 16.16ක්, සබරගමුව පළාතෙන් සියයට 9.35ක්, මධ්‍යම පළාතෙන් සියයට 7.23ක් සහ නැගෙනහිර පළාතෙන් සියයට 5.05ක් ලෙස ඩෙංගු ආසාදිතයින් වාර්තා වන බව වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button