
උණුසුම් පුවත්
ඩෙංගු අවදානමට සිසුන්ට අත් පා වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
ඩෙංගු රෝගය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් සිසුන්ට අත් පා වැසෙන ඇඳුම් පැළඳ පාසල් පැමිණීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් ආවරණය වන පරිදි සුදුසු ඇඳුම් භාවිත කිරීමට මෙම අවසරය ලබා දී ඇත.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇති අතර, සියලු පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, පාසල් සිසුන් අතර ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නිල උපදෙස් පාසල් වෙත ලබාදීමට නියමිත අතර, නිසි ප්‍රමිතියෙන් යුත් මදුරු විකර්ශක භාවිත කිරීම පිළිබඳව ද සිසුන් දැනුවත් කරන ලෙස දැනුම් දී ඇත.



