ප්‍රධාන පුවත්

මුහුදු යාමෙන් වළකින්න – අවදානම් මුහුදු කලාප නම් කරයි

මෙම ප්‍රදේශ රළු වෙයි මුහුදු යාමෙන් වළකින්න   මාතර සිට පොතුවිල් දක්වා සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වූ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වන ධීවර ප්‍රජාවගෙන් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබේ.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, සෙසු ප්‍රදේශවලින් මුහුදට පිටත්වන ධීවර යාත්‍රා ද අදාළ අවදානම් කලාප වෙත ඇතුළු නොකරන ලෙස දැනුම් දී ඇත.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක් අතිශය රළු ස්වභාවයක් ගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (08) නිවේදනය කර තිබේ.

ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බව සඳහන් කර ඇත.

මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බැවින්, එම ප්‍රදේශ වෙරළාසන්න ධීවර කටයුතු සඳහා අතිශය අවදානම් සහගත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

එබැවින් ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් ආරක්ෂක උපදෙස් අකුරටම පිළිපදින ලෙස සමස්ත ධීවර ප්‍රජාවගෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button