
ඥානසාර හිමි නිදහස් කරන ලෙස විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති.
ඊයේ (16) පස්වරුවේ එම ස්ථානයට වැඩම කළ භික්ෂූන් වහන්සේ රාත්‍රියේදී අට්ටාලයක් ඉදිකිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලීසිය සමඟ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබේ.
කෙසේ වෙතත්, පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ප්‍රකාශ කර ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ දහවල් වනතෙක් රැඳී සිටි භික්ෂූන් වහන්සේ පසුව බුද්ධශාසන අමාත්‍යාංශය ඉදිරිපිටට වැඩම කර තිබිණි. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වූ බව පවසමින් උන්වහන්සේලා විහාරමහාදේවී උද්‍යානය වෙත වැඩම කිරීමට පියවර ගත්හ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සංවිධානය කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ පසුගිය 10 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ විය. එම පා ගමන 16 වැනිදා කොළඹට ළඟා වීමෙන් අනතුරුව මෙම විරෝධතා ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන ගොස් තිබේ.



