ව්‍යාපාරික

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවයි

 

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. පසුගිය මැයි මාසයෙන් පසුව පළමු වරට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 සීමාව දක්වා ඉහළ යාම විශේෂත්වයකි.

හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඉරානයෙන් එල්ල වන ප්‍රහාර ඉහළ යාම, සෞදි අරාබියට එල්ල වූ හූති මිසයිල ප්‍රහාර සහ රුසියානු තෙල් පිරිපහදුවලට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවට යුක්‍රේනය කළ ප්‍රකාශය හේතුවෙන් මෙම මිල ඉහළ යාම සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක් අවස්ථාවකදී ඩොලර් 110 සීමාව පසුකර තිබේ. පසුව මිල තරමක් පහත වැටුණද, එය සියයට 3.7ක ඉහළ යාමක් සමඟ ඩොලර් 109.86ක් ලෙස සටහන් විය.

මේ අතර, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ද සියයට 3.5කින් ඉහළ ගොස් ඩොලර් 101.41ක් ලෙස වාර්තා වී තිබේ.

මෙම සතිය තුළ පමණක් WTI බොරතෙල් මිල සියයට 10කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් බොරතෙල් මිල සියයට 5කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button