
වෙඩි තැබීම් කිහිපයකින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ – සරත් ෆොන්සේකා
වෙඩි තැබීමකින් හෝ වෙඩි තැබීම් කිහිපයකින් ජාතික ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් උද්භව නොවන බව Sarath Fonseka මහතා ප්‍රකාශ කරයි.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව අතර ඇතිවන කනස්සල්ල පිළිබඳ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එක් එක් සිද්ධීන් පදනම් කරගෙන රටේ සමස්ත ආරක්ෂාව ගැන අධික ලෙස සැක පළ කිරීම යෝග්‍ය නොවන බවයි.
එසේම, මෙම තත්ත්වය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ප්‍රමාණවත් අවබෝධයකින් ක්‍රියා කරනු ඇති බව තමන් විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
“ජාතික ආරක්ෂාවට විශේෂ අවුලක් නැහැ. එක එක කල්ලි කණ්ඩායම්වලට අතීතයෙත් පුරුදුවෙලා තිබුණා එක එක කැරලිගැසීම්, ජාතිභේද ඇවිස්සීම් වගේ දේවල්. මේ වගේ කට්ටිය ඒගොල්ලන්ට ප්රතිරූප මවා ගන්න අවශ්‍ය වුණාම එක එක දේවල් කරන්න හදනවා.
නමුත් මම හිතන්නේ ත්‍රිවිධ හමුදාව ඊට අවශ්‍ය කටයුතු පිළිවෙලට කරගෙන යනවා. පොඩි සිද්ධියක් කරන්න කෙනෙක් දෙන්නෙක් හිටියත් ඇති. කලබල වෙන්න දෙයක් නෑ. ආණ්ඩුව කොහොමත් මේක අවබෝධ කරගෙන ඇති.
මේ රටේ අතීතයේ සිදුවෙච්ච දේවල් ගැන ආණ්ඩු ඉන්න මැතිඇමතිවරුන්ට යම් කිසි අවබෝධයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ ගොල්ලන්නට මේ වනවිට කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා ඇති කියලා.
පාතාලය යම් කිසි ප්‍රමාණයකට තාමත් ක්‍රියාත්මකයි. මේක දේශපාලන අපරාධයක් නෙවෙයි. පාතාලය ක්‍රියාත්මක වෙච්ච තැනක්. පාතාලය සියයට 100ක් මර්දනය වෙලා නැහැ කියලා අපි දන්නවා.
මෝටර් සයිකලයක ගිහිල්ලා වෙඩි තියෙනවා කියන එක මුළු හමුදාවම කොළඹට දැම්මත් නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ඒ ගැන අපිට සතුටු වෙන්න බෑ. යම් කිසි පියවරක් ගන්න වෙනවා රජයට.”



