
අද (17) කාලගුණ අනාවැකිය: ප්‍රදේශ රැසකට තද වැසි
අද (17) කාලගුණ අනාවැකිය අනුව 2026 ඔක්තෝබර් වන අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.
මීට අමතරව, බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලටත් ගාල්ල, පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල වෙරළාසන්න ප්‍රදේශවලටත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
එසේම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකිය.
මෙම කාලගුණ අනාවැකිය 2026 ඔක්තෝබර් 17 වන දින උදෑසන 5.30ට නිකුත් කර ඇත.



