ප්‍රධාන පුවත්

උඩරට දුම්රිය ධාවනයට යළිත් බාධා

උඩරට දුම්රිය ධාවනයට යළිත් බාධා එල්ල වී ඇත්තේ කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දකින් යළිත් විශාල වශයෙන් පස් දුම්රිය මාර්ගයට ගලා ඒම හේතුවෙනි. අද (17) අලුයම මෙම තත්ත්වය ඇති වී තිබේ.

මේ හේතුවෙන් පොල්ගහවෙළ සිට ගම්පොළ දක්වා ධාවනය වන දුම්රිය මෙන්ම ගම්පොළ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියවල ගමන් ආරම්භ කිරීම ද ප්‍රමාද විය හැකි බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ ස්ථානයේ විශාල වශයෙන් පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකර තිබුණ ද දුම්රිය මාර්ගයට වැටී ඇති පස් සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button