ප්‍රධාන පුවත්

ජුලි මාසයේ සංචාරකයින් 138,730ක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවට ජුලි මාසයේ සංචාරකයින් 138,730 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවල සඳහන් වේ.

එම කාලසීමාව තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 31,734 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, එය සමස්ත පැමිණීම්වල සියයට 23ක ප්‍රතිශතයක් නියෝජනය කරයි. ඊට අමතරව එක්සත් රාජධානියෙන් 14,959ක්, චීනයෙන් 8,484ක් සහ නෙදර්ලන්තයෙන් 8,415ක් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ 2026 ජනවාරි 1 සිට ජුලි 15 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,285,303ක් ලෙස වාර්තා වී ඇති බවයි. එම සංඛ්‍යාවෙන් ඉන්දියාවෙන් 325,417ක් සහ එක්සත් රාජධානියෙන් 123,526ක් සංචාරකයින් පැමිණ ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවට අනුව, 2026 ජනවාරි සිට ජුනි මාසය අවසන් වන තෙක් සංචාරක කර්මාන්තයෙන් රුපියල් බිලියන 475.6ක ආදායමක් රට උපයාගෙන තිබේ. එසේම ජුනි මාසයේදී පමණක් සංචාරක ආදායම රුපියල් බිලියන 50.5ක් ලෙස සටහන් වී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button