
කොළඹ දිස්ත්රික්කයේ ගිනි ගැනීම් 258ක්
මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්රික්කය සහ ඒ අවට ප්රදේශවල කොළඹ දිස්ත්රික්කයේ ගිනි ගැනීම් 258ක් වාර්තා වී ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.
එම ගිනි ගැනීම්වලදී පුද්ගලයන් 17 දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන ඇති අතර, පසුගිය වසරේදී ගිනි ගැනීම් 382ක් සහ මුදා ගැනීමේ මෙහෙයුම් 46ක් වාර්තා වී තිබූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ වසරේ මේ දක්වා හදිසි ඇමතුම් 13ක් ගිනි නිවීමේ සේවාව වෙත ලැබී ඇති අතර, ඒ අතර මාර්ග අවහිරතා, ගස් කඩා වැටීම් සහ රිය අනතුරු හේතුවෙන් සිදුකළ මුදා ගැනීමේ මෙහෙයුම්ද ඇතුළත් වී තිබේ.
නිවාස හා සේවා ස්ථානවල ගිනි ආරක්ෂණ ක්රමවේද නිසි ලෙස ක්රියාත්මක නොවීම, අනාරක්ෂිත විදුලි පද්ධති භාවිතය, හදිසි ප්රතිචාර සැලසුම් නොමැතිවීම සහ පවතින වියළි කාලගුණික තත්ත්වය ගිනි ගැනීම් වැඩිවීමට ප්රධාන හේතු ලෙස හඳුනාගෙන ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.



