
හෙට 23 ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට විශේෂ සහනයක් ?
ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව
අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (23) පැවැත්වීමට නියමිතය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පස්වරු 2.00ට පැවැත්වේ.
ලොතරැයි අලෙවිකරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් වැඩසටහනක්
ලොතරැයිපත් අලෙවිය හරහා ජනාධිපති අරමුදලට ලබාදෙන මූල්‍ය දායකත්වය සැලකිල්ලට ගනිමින්, එම ලොතරැයි අලෙවිකරුවන් වෙත කෘතගුණ දැක්වීමක් ලෙස මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට ශිෂ්‍යත්ව
දිවයිනේ සියලු පළාත් ආවරණය වන ආකාරයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට ඒ සඳහා අවස්ථාව හිමි වේ.
ඒ අනුව 2026 වසරේ සිට අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.



