
උණුසුම් පුවත්
දිස්ත්රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්
නායයෑම් අනතුරු ඇඟවීම් දිස්ත්රික්ක කිහිපයක් සඳහා නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අද (05) පස්වරු 4.00 සිට හෙට (06) පස්වරු 4.00 දක්වා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බව එම සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ සහ රත්නපුර යන දිස්ත්රික්ක සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අනතුරු ඇඟවීමේ 2 මට්ටම
බදුල්ල – පස්සර
මහනුවර – මිනිපේ සහ උඩුදුම්බර
කෑගල්ල – දෙහිඕවිට
මාතලේ – අඹන්ගඟ කෝරලේ, මාතලේ සහ රත්තොට
අනතුරු ඇඟවීමේ 1 මට්ටම
මහනුවර – උඩපළාත
කෑගල්ල – බුලත්කොහුපිටිය සහ රඹුක්කන
රත්නපුර – වැලිගෙපොල, ඇහැලියගොඩ, රත්නපුර, කුරුවිට සහ අයගම



