
ප්‍රධාන පුවත්
ජනාධිපති වරයා විසින් ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේ හට ශ්‍රී ලංකාවේ සංචාරයකට ඇරයුම්
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබේ.
පසුගියදා ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මෙම නිල ආරාධනා පත්‍රය ඊයේ (02) වතිකානයේදී රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් පියතුමා (Msgr. Mihăiță Blaj) හමු වී භාර දී ඇත.



