විදෙස්

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් – “දැන් ප්‍රමාද වැඩියි”

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා ඉරාන පාලනය ඉලක්ක කරගනිමින් දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔහු සඳහන් කළේ ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති, ගුවන් හා නාවික හමුදා සහ නායකත්වය “දැන් අවසන්” බවයි.

එම ප්‍රකාශය සමඟ ඔහු The Washington Post පුවත්පතේ පළ වූ “The birth of the Trump Doctrine” නම් ලිපියක්ද උපුටා දක්වා ඇත.

ඉරාන බලධාරීන් අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරන බවටද ඔහු සඳහන් කරමින්, “They want to talk. I said ‘Too Late!’” යනුවෙන් සටහන් කර තිබේ.

කලාපීය ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක, ඉරානය සම්බන්ධයෙන් තමන් දැඩි ස්ථාවරයක් ගන්නා බව මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button